බිංගිරියේ පිහිටි ඇගළුම් ආයතනයකට ගොස් එහි ප්‍රවාහන ගැටළුවක් ගැන සාකච්ඡාවක නිරතව ආයතනයෙන් පිටතට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට තර්ජනය කරමින් පහරදුන් බව කියන සැකකරුවන් තිදෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන්ට මෙසේ තර්ජනයකර තිබේ.
අත්අඩංගුවටගත් තිදෙනාගෙන් දෙදෙනෙක් හෙට්ටිපොල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත. හෙට තවත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 06 දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලීසිය කියයි.
ජාතික ජනබලවේගයේ කුරුණයකට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා මේ ගැන අදහස් දක්වමින් පවසන්නට වූයේ තමාත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මහතාත් කලින් සැලසුම් කරගත් පරිදි බිංගිරිය බෙංජි ආයතනය වෙත ඊයේ ගිය බවය.
“අප එහිදී එම ආයතනයේ සේවාවන් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළා. වයඹ ප්‍රදේශයට සිදුවන සේවාව පිළිබඳව, එම ආයතනයේ සේවාවන් තවත් පුළුල්ව ලබාදීම පිළිබඳව, අලුතින් ඉදිවන කර්මාන්ත ශාලාව පිළිබඳව, එයින් නිර්මාණය වන අලුත් රැකියා පිළිබඳව, මෙම කර්මාන්ත ශාලාව නිසා අවට ගම්මාන වලට යම් කිසි පාරිසරයක අපහසුතාවයක් සිදුවෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඒ වගේම මේ සමාගම සපයන ප්‍රවාහන සේවාවන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කිරීම අරමුණු කරගෙන තමයි එම ස්ථානයට අප ගියේ. එම සාකච්ඡාව පැයක පමණ කාලයක් සිදුවුණා. එහිදී අප ඉදිරිපත් කළ යෝජනාවලට ඉතාමත්ම හොඳ විසඳුම් ඒ කළමනාකාරිත්වයෙන් අපට ලැබුණා.“ යැයිද ඔහු පවසයි.
“අප මෙම ආයතනයෙන් පිටව යාමට සූදානම් වන අවස්ථාවේ විශාල පිරිසක් එම ආයතනයේ ගේට්ටුව ඉදිරිපස ඉතා කලහකාරය ලෙස හැසිරෙමින් සිටියා. පළමුව අජිත් සහෝදරයා පිටව යෑමට සූදානම් වෙද්දී ඔහුගේ වාහනය වටා රැස්වූ එම කලාකාරීන් පරුෂ වචනයෙන් බැන වැදුනා. වාහනයට පහර එල්ල කළා. එම ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිටියත් ඔවුන්ට මෙම තත්වය සමනය කර ගන්න නොහැකි වුණා. ඔහු එතනින් පිටව ගිය පසු මම වාහනයෙන් එළියට යන විට අපේ වාහනයට වට කරගත් එම පිණිස ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. එහිදී අපේ වාහනේ වීදුරුවක් ඇරලා එක් පුද්ගලයෙකු මට ප්‍රහාරයක් එල්ල කළා. මගේ කමිසයෙන් ඇඳලා එළියට ගන්න හැදුවා. මෙම සිදුවීම පිටුපස අපි දකිනවා පසුගිය කාලයේ පරාජය වූ දේශපාලඥයින්ගේ අතකොලු ලෙස කප්පම් මුදල් හාා කොමිස් මුදල් සමග කටයුතු කරන පිරිස් තමයි අපිට එරෙහිව මෙම පහරදීම සිදු කලේ. “ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.