fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දුම්රිය ආසන වෙන් කිරීමේදී මීට පස්සේ හොර ව ැඩ බැහැ - ඩිජිටල්...

    දුම්රිය ආසන වෙන් කිරීමේදී මීට පස්සේ හොර ව ැඩ බැහැ – ඩිජිටල් ටිකට් එකේ හැදුණුම්පත් අංකය ස ටහන් කරයි

    දුම්රිය ආසන වෙන් කිරීමේදී සිදුවන අක්‍රමිකතා වැලැක්වීම සඳහා ආසන වෙන් කිරීමේදී දුම්රියේ ගමන් ගන්නා මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඩිජිටල් ගමන් බලපත්‍රයට ඇතුළත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හෙට (01) සිට ක්‍රියාත්මක කරනු ඇත.

    දුම්රිය ස්ථානයට ඇතුළු වීමේදී හා දුම්රිය තුළදී ප්‍රවේශපත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමටද කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img