නව වසර ආරම්භයත් සමඟ වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
ළදරු ආහාර වට්ටෝරු, ,ළදරුවන් සඳහා ලබාදෙන ආහාර නිෂ්පාදන, කුඩා දරුවන් සඳහා වන කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගැන ප්‍රචාරණය සඳහා වයස අවුරුදු 12ට අඩු දරුවන් යොදා ගැනීම තහනම් කරමින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ආහාර ගැන සෘජුව හෝ වක්‍රව ගැබිණි මවක් හෝ කිරිදෙන මවක්, ළදරුවෙක් හෝ අවුරුදු 12 ට අඩු ළමයෙක් නියෝජනය වන ශ්‍රව්‍ය දෘශ්‍ය හෝ පින්තූර සහිත යම් ප්‍රචාරණයක්, නිෂ්පාදන ලේබලයක, මුද්‍රිත, ඉලෙක්ට්‍රොනික, සමාජ මාධ්‍ය හෝ වෙනයම් අයුරකින් ප්‍රචාරණය ද මෙම ගැසට් නිවේදනයට අනුව තහනම් වේ.