fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වරෙන්තුකරු අල්ලන්න ගිය පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් - සැරයන්වරු 03ක් රෝහලේ

    වරෙන්තුකරු අල්ලන්න ගිය පොලිස් කණ්ඩායමකට ප්‍රහාරයක් – සැරයන්වරු 03ක් රෝහලේ

    වතුර මෝටර් සොරකමක් සම්බන්ධයෙන් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාලව වරෙන්තු කරුවෙක් අත්අඩංගුවට ගැනීමට දියසෙන්පුර කොහොඹදමනට ගිය මීගස්වැව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමකට පිරිසක් ඊයේ වටකර පොලුවලින් පහර දී තිබේ.

    මෙම පහරදීමෙන් පොලිස් සැරයන්වරු තිදෙදෙක් තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුලත්කර ඇත. ඒ අතර සිටින සැරයන්වරයෙකුගේ තත්ත්වය අයහපත් වූ බැවින් ඔහුව පොලොන්නරුව රෝහලට මාරුකර යවා තිබේ.

    මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. තවත් 04 දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img