අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පැවති තයිකොණ්ඩු තරගාවලියට සහභාගිවීමට රත්නපුරයේ සිට පැමිණ තරුණියක් සහ ඇගේ ඥාතිකාන්තාවක් අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ ජායාරූප ගනිමින් සිිටියදී දුම්රියක ගැටී අද සවස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර යන ලිපිනයේ පදිංචි කේ. තරණි නිසාදරී (18) නැමැති තරුණිය සහා එම ප්‍රදේශයේම පදිංචි කේ. චමිලා රන්ජනී (37) නැමැතිකාන්තාවයි.
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
එම අවස්ථාවේදී මෙම තරුණිය සහ කාන්තාවගේ ඡායාරූප ජංගම දුරකථනයකින් ගනිමින් සිට ඇත්තේ වෙනත් තරුණයෙකු බව ප්‍රදේශවාසීහු පවසති.