fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හදිසියකට ඉල්ලාගෙන යන යතුරුපැදි උකස් කළ ගුවන් සෙබලා කොටු

    හදිසියකට ඉල්ලාගෙන යන යතුරුපැදි උකස් කළ ගුවන් සෙබලා කොටු

    හදිසියකට ගමනක් යන්නැයි කියා සහෝදර ගුවන් හමුදා සෙබලුන්ගේ යතුරුපැදි රැගෙනගොස් උකස් කළ ගුවන් හමුදා සෙබලෙක් කොටදෙණියාව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    කොටදෙණියාව කිතුල්වල ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින්නෙක් වන මෙම ගුවන් හමුදා සෙබලා 29 හැවිරදි වියේ පසුවන රජවැල්ලේ පදිංචිකරුවෙකි.

    ගුවන් හමුදා සෙබලු සිව් දෙනෙක් විසින් කොටදෙණියාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන යතුරුපැදිද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img