fbpx
තවත්
    මුල් පිටුවspecialඅසාද් පාලනයෙන් මිදුණු සිරියාවේ අනාගතය

    අසාද් පාලනයෙන් මිදුණු සිරියාවේ අනාගතය

    සිරියාවේ පාලනය බලය එරට කැරලිකාර සන්නද්ධ කණ්ඩායමක් වූ හයාත් තරිර් අල්-ෂාම් විසින් අත්පත් කරගැනීමත් සමඟ දශක ගණනාවක් එරට පාලනය කරනු ලැබූ බෂාර් අල්-අසාද් පාලනය පලවා හැරීමට සමත්විය.

    තරිර් අල්-ෂාම් සංවිධානය විසින් සිරියාවේ බලය අත්පත් කරගැනීමත් සමඟ අසාද් සහ ඔහුගේ පවුලේ සමාජිකයෝ රුසියාව වෙත පලා ගියහ.
    මේත් සමඟ වසර ගණනාවක් යුද ගිණි වලින් ඇවිලි ලක්ෂ පහකට අධික පිරිසකට දිවි අහිමි කළ සිවිල් යුද්ධය නව මානයකට යොමු කර ඇති අතර ඒත් සමඟ නව අනාගතය සම්බන්ධයෙන් ලෝකයේම දෑස් මේවන විට යොමුව තිබේ.

    දශකට අධික කාලයක් සිරියාව ලෙයින් තෙත් කළ සිවිල් යුද ගැටුම් හේතුවෙන් එරටට ජාත්‍යන්තර ප්‍රාජාව මගින් දැඩි ආර්ථික සම්බාධක පැනවූ අතර මෙම සම්බාධක සිරියානු ආර්ථිකය අඩපන කිරීමට සමත්ව ඇත.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත වලට අනුව සිරියානු වැසියන්ගෙන් සියයට 90ක්ම අධික දරිද්‍රතාවෙන් පෙලෙන අතර එරට ජනගහනයෙන් අඩකට වඩා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙයි.

    මේ අතර 2011 වර්ෂයේ ඇවිලී ගිය සිරියානු සිවිල් යුද්ධයත් සමඟ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 85ක්ම කඩා වැටුණු බවට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි. බොරතෙල් නිෂ්පාදකයෙකු වන සිරියාවේ දෛනික බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් ලක්ෂකට වඩා අඩු ගඅයක් ගන්නා අතර එය ගෝලීය බොරතෙල් නිෂ්පාදනයෙන් ඉතා සුළු අගයකි.

    ලෝක බැංකුවේ ඇස්තමේන්තුවකට අනුව 2023 දී සිරියාවේ උද්ධමනය සියයට 115 ක් දක්වා ඉහල ගොස් තිබූ අතර, මේ වසරේ එරට ආර්ථිකය සියයට එකයි දශම පහකින් හැකිලෙනු ඇති බවටද පුරෝකථනය කර ඇත.

    මෙවන් තත්ත්වයක් තුල සිරියාවේ බලය අත්පත් කරගනු ලබන කැරලිකාර හයාත් තරිර් අල්-ෂාම් සංවිධානය ඉදිරියේ බරපත අභියෝග රැසක් පවතින අතර ඔවුන්ගේ ඉදිරි ගමනට විශාලත බාධාවක් වී ඇත්තේ මීට පෙර අල් කයිඩා සංවිධානයේ අනුබද්ධිත සංවිධානය ලෙස ක්‍රියා කිරිමට හේතුවෙන් ඔවුන් ත්‍රස්ත සංවිධානයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් හැඳින්වීමයි.

    මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක වලට තවදුරටත් හයාත් තරිර් අල්-ෂාම් සංවිධානයට මුහුණ දීමට සිදුව ඇත. මීට සමානම තත්ත්වය ඇෆ්ගනිස්ථානය තුලද පවතින අතර තලේබාන් පාලනය තවමත් ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිලිනොගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    කෙසේවෙතත් එක්සත් රාජධානිය ප්‍රමුඛ ඇතැම් බටහිර රාජ්‍යන් විසින් හයාත් තරිර් අල්-ෂාම් සංවිධානය ත්‍රස්ත සංවිධාන ලයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා බහක්ද නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

    මේ අතර සිරියාවේ පවතින බොතෙල් සංචිත මත පදනම්ව ඉදිරියේද දැඩි ගැටුම්කාරී තත්ත්වයක්ද නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එය දැනටමත් අඩපන වී ඇති සිරියාව කබලෙන් ලිපට හෙලිමක් විය හැකි බවටද විශේලේෂකයින් අනතුරු අඟවයි.

    කෙසේ වෙතත් සිරියාව අසාද් පාලනයෙන් මිදුනද සාමන්‍ය ජනජීවතයකට ඉඩ සලසන පරිසරයක් බවට පත්විමට තවත් බොහෝ කාලයක් වැයවනු ඇත.අ

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img