ඕස්ට්‍රේලියාවේ දී සිදුකල එල්.ටී.ටී.ඊ සැමරුමක වීඩියෝ දර්ශන
උතුරු ප්‍රදේශයේ පැවති මහවිරු සැමරුම් උත්සව ලෙස මුහුණු පොතේ පලකරමින් හුවමරු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීණ් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව ඇප මත අද අධිකරණය විසින් නිදහස්තර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද නියෝග කළේ රුපියල් ලක්‍ෂ දහය බැගින් වු ශරීර ඇප මත මුදා ඔහුව මුදාහරින ලෙසය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවේ මෙරට දී මහවිරු සැමරුම සංවිධානය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
සැකකරු සම්බන්ධයෙන් නගා ඇති චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට බැලූ බැල්මට අදාළ නොවන බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ 120 පනතට අනුව මෙම සිද්ධියට අදාළව කිසිදු සාක්ෂියක් සැකකරු වෙනුවෙන් ලැබී නොමැති අවස්ථාවක " පණිවිඩකරුවා මරා දැමීමට" ක්‍රියා නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය .
මුහුණ පොත හරහා සමාජය තුළ විකාශනය වන වීඩියෝ දර්ශන ප්‍රචාරය කළ පමණින් සැකකරුවන් ලෙස සලකා අත්අඩංගුවට ගැනීම සදාචාර සම්පන්න නොවන බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශනය ඒකකයේ නිලධාරීන්ට සඳහන් කළේය.
"මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී අවම සදාචාරයක්වත් පාවිච්චි කරන්න" යැයිද මහේස්ත්‍රාත්වරයා අධිකරණයේදී සඳහන් කළේය.
කුඩා දරුවෙකුට පහර දීමක් පිළිබඳව බලා සිටි පුද්ගලයෙක් තම මුහුණු පොත හරහා පසුගිය දිනවල එය ප්‍රචාරය කර තිබීම තුළින් එම දරුවාට නීතිය ක්‍රියාත්මක වූ බවත් එහිදී පොලිසිය විසින් එම ක්‍රියාව කළ පුද්ගලයා මිස සිද්ධිය ප්‍රචාරය කළ පුද්ගලයා අත්අඩංගුවට නොගත් බවත් මෙහිදී උදාහරණ දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරය කරුණු පෙන්වා දුන්නේය.
ඒ අනුව වීඩියෝ දර්ශන පෝස්ට් ප්‍රචාරය කරන පුද්ගලයන් නොව
මහාවිරු සැමරුම සංවිධානය කරන ලද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට නියෝග කළේය.