ජීවිත ආරක්ෂාව සඳහා පුද්ගලයන්ට මින් ඉදිරියට ගිනිඅවි කිහිපයක් ලබානොදෙන බවත් එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ගිනිඅවි සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය පවසයි.
ගිනි අවි එකකට වඩා සිය ජීවිතාරක්ෂාව සඳහා යම් පුද්ගලයකුට අවශ්‍ය නම් ඒ සඳහා ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ජීවිතාරක්ෂාව සඳහා පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ට ගිනි අවි 1,500ක් පමණ නිකුත්කර ඇති බවට තොරතුරුද ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී ඇත.