fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්එල්.ටී.ටී.ඊ. විරු සමරුව ගැන ෆේස් බුක්වල බොරු දැමූ සිව් දෙනෙක් මාට්ටු

    එල්.ටී.ටී.ඊ. විරු සමරුව ගැන ෆේස් බුක්වල බොරු දැමූ සිව් දෙනෙක් මාට්ටු

    එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් සිදුකරන පෙර වර්ෂවල වීඩියෝ දර්ශන සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට යොමුකරන ලද ලිඛත පැමිණිලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් මෙම විමර්ශනය පසුගිය 29 වෙනිදා ආරම්භකර තිබුණි.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ එම වීඩියෝ දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අන්තර් ජාලය ඔස්සේ කළ ආවේෂණයේදී හදුනාගෙන ඇත්තේ මෑතකදී සිදුවූ එල්.ටී.ටී.ඊ. විරු සැමරුම් ලෙස හුවා දක්වමින් එසේ හුවමාරුවන්නේ මීට පෙර වසරවලදී සිදුකල එල්.ටී.ටී.ඊ. විරුසැමරුම් වලට අදාල වීඩියෝ දර්ශන බවය.

    එම වීඩියෝ දර්ශන අන්තර් ජාලය ඔස්සේ හුවමාරු කිරීම සම්බන්ධයෙන් හදුනාගත් සැකකරුවෙකු යාපනයේදී මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත. චුන්නාකම් ඉනුවිල් බටහිර පදිංචිකරුවෙක් වන ඔහු 37 හැවිරිදි වියේ පසුවන මනෝහරන් කජන්තරූපන් නැමැති ඔහු මනෝරූබන් නමින් සකස්කරන ලද මුහුණු පොතේ ගිණුමක් මගින් මෙම ව්‍යාජ තොරතුරු හුවමාරුකරතිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔහුගේ මුහුණු පොත මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම, දිරි ගැන්වීම හා සහය දැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ එම සංවිධානයේ වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් මුහුණු පොත මගින් බෙදා හැරීම සිදුකර ඇති බවද විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 .08.29 වන දින අංක 1721/2 දරණ රජය මගින් නිකුත්කර ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ යාපනය උප ඒකකය මගිනි. මෙම සැකකරුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    දෙවැන්නාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ ද්‍රවිඩ ඊළාම් විරු සැමරුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර් ජාලයේ මුහුණු පොතේ ගිණුමක් මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනි. ඔහු බද්දේගම ගිරිබතාවිල පදිංචි 28 හැවිරිදි වියේ පසුවන මද්දුමගේ ජනිත් චතුරංග නැමැති අයෙකි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුවය ය. ඔහුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    අත්අඩංගුවටගත් තුන්වැන්නා කැලුම් හර්ෂක නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යන මරදානේ පදිංචිකරුවෙකි. ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    සිව් වැන්නාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඊයේ උදෑසන කාලයේදීය. ඔහු අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img