තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්ස හරස් වෙයි - උසස් පෙළ විභාගය දින 3කට අත්හිටුවයි

    වැස්ස හරස් වෙයි – උසස් පෙළ විභාගය දින 3කට අත්හිටුවයි

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට ඉදිරි දින තුන සඳහා උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව 27, 28 සහ 29 යන දින තුනේ එම විභාගය පැවැත්වෙන්නේ නැති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙයි.

    30 වන සෙනසුරාදා විභාගය සුපුරුදු පරිදි පැවැත්වෙන අතර කාලසටහනේ එදිනට නියමිත විෂයට අදාළව එම විභාගය පැවැත්වෙනු ඇත.

    ඒ අනුව විභාගය නොපැවැත්වෙන 27, 28 සහ 29 යන දින තුනට අදාළ විෂයන්වල ප්‍රශ්න පත්‍ර යළි සිසුන්ට ලබා දී එම විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 21, 22 සහ 23 දින තුන තුළ දීයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img