නවගමුව රෝහල් භූමියේ ඹෟෂධ හා ශල්‍ය උපාංග ඇතුළු ද්‍රව්‍ය ගබඩාකර තිබුණු කන්ටේනරයක් අද උදෑසන ගිනි ගැනීමකට ලක්ව ඇත.
මෙම ගින්න ගැන දැනගත් වහාම නවගමුව පොලීසිය හා කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඩලීමට පියවර ගෙන තිබේ.
ඒ වන විටත් ගින්නෙන් කන්ටේනරයේ තිබුණු ඖෂධ ඇතුළු උපාංග රැසකට හානි වී තිබී ඇත. ගින්නට හේතුව සොයා රස පරීක්ෂකවරයා එම ස්ථානයට කැදවා තිබේ.