fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙටයි සහ අනිද්දයි බාර් වලට වෙන දේ

    හෙටයි සහ අනිද්දයි බාර් වලට වෙන දේ

    2024 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් 14 සහ 15 දෙදින මත්පැන් විකිණීම සඳහා වූ සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    14 දිනට යෙදී ඇති පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම හේතු කොටගෙන එදින හා එයට පසු දින එනම් 15 ඉල් පෝය දින සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු පන්ති තුන (03 Star) ට ඉහළ සුරා බදු රබි 07 බලපත්‍ර සහිත හෝටල් හා විශේෂ බුටික් විලා බලපත්‍රලත් ස්ථාන වල නේවාසිකව රැදී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දෙන අතර සෙසු දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවට සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

    මෙම කාල සීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත කෙටි අංකය වන 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇති බවද එම නිවේදනයේ සදහන් වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img