මහජනතාවට හිරිහැරයක් වන ලෙස වාලච්චේන නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක බෆල් යන්ත්‍ර මගින් ගීත වාදනය කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බලා ශබ්දය අඩුකිරීමට උපදෙස් දීමට වෙළඳ සැලට ගිය පොලිස් නිලධාරීයකු සහ සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකුට එහි හිමිකරු සහ සේවකයෙකු අමානුෂික ලෙස පහරදී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ මෙම නිලධාරීන් දෙදෙනා වාලච්චේන රෝහලට ඇතුලත් කර තිබේ. සිවිල් ආරක්ෂක බලකා සෙබලාගේ දකුණු අත කැපුම් වලින් තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ව්‍යාපාරික ආයතනයේ හිමිකරු අවුරුදු 22ක අයෙක් බවත් සේවකයා අවුරුදු 18ක අයෙක් බවත් පොලීසිය සඳහන් කරයි.
වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් නගරයේ සංචාරයක නිරතවන විට මෙම වෙළඳ ආයතනය ගැන ලද තොරතුරකට අනුව පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පහරදීම සිදුව ඇති බව පොලීස් තොරතුරු අනාවරණය කරයි.