වෙළඳ සැලක් තුළදී කාන්තාවකට කළ පහරදීමක් සම්බන්ධයෙන් හබරාදූව පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයෙක් ඔහුගේ බිරිඳ හා පුතා සමඟ අහංගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොස්තාපල්වරයා සිය බිරිඳ හා පුතා සමඟ එක්ව බද්දේගම ධර්මායතනය පාරේ පදිංචි කාන්තාවකට වෙළඳ සැලක් තුළදී පහරදී ඇත්තේ පසුගිය 24 වෙනිදාය.
මෙම පහරදීමට මුල්වී ඇත්තේ පුද්ගලික ආරවුලක් බව පොලීසිය කියයි.
ඒ් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලකට අනුව ඊයේ අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයාත් බිරිඳත් පුතාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.