fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රශ්න පත්‍ර ආරක්ෂාවට සිටි කොස්තාපල් කසිප්පු බොන්න ගිහින්

    ප්‍රශ්න පත්‍ර ආරක්ෂාවට සිටි කොස්තාපල් කසිප්පු බොන්න ගිහින්

    දහම් පාසල් ධර්මාචාර්ය විභාගයේ ප්‍රශ්න පත්‍ර ආරක්ෂාවට යොදවා සිටියදී නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගොස් ජාවාරම්කරුගේ බිරිදගෙන් කසිප්පු ඉල්ලා බී වෙරිවූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

    මෙසේ වැඩ තහනම් වී ඇත්තේ මැල්සිරිපුර පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරයකුගේය.

    කුරුණෑගල දිස්ත්‍රික් 111 සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත්කර ති‌බේ.

    මැල්සිරිපුර මැදමුල්ල විදුහලේ ගබඩාකර ඇති ධර්මාචාර්ය විභාගයේ ප්‍රශ්නපත්‍ර වල ආරක්ෂාව සඳහා මෙම නිලධාරියා යොදවා තිබී ඇත්තේ පසුගිය 30 වෙනිදාය.

    මෙදින ඔහු හොර රහසේ ඒම ස්ථානයෙන් පිටව පන්ලියද්ද ප්‍රදේශයේ සිටින නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගොස් ඇති බව පොලීසිය කියයි. ඔහු එහි ගොස් ඇත්තේ මත්පැන් පානය කිරිමට බවත් ජාවාරම්කරුගේ බිරිඳගෙන් ඔහු මත්පැන් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img