fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරිඉබ්බන්වැවෙන් කෝටි 150ක මත්කුඩු මතුවෙයි

    කිරිඉබ්බන්වැවෙන් කෝටි 150ක මත්කුඩු මතුවෙයි

    රුපියල් කෝටි 100කට වැඩි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 54කට ආසන්න ප්‍රමාණයක් කිරිබ්බන්ආරේ කිරිවැව පිහිටි ගෙවත්තක වලදමා සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ ගොඩගෙන ඇත.

    හරක් කටාගේ ගෝලයෙකුගේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම ස්ථානය ගැන තොරතුරු හෙළිවීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් කිරිඉබ්බන්ආරට ගොස් වලදමා තිබුණු මත්කුඩු තොගය ගොඩගෙන තිබේ.

    විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සෙවණගල පොලිස් වසමේ අංක 235/1, පලවන පටුමග, නුගේගලයාය, කිරිවැව, සෙවනගල ලිපිනයේ දී කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

    යුද හමුදා බුද්ධි අංශයෙන් ලබාදුන් තොරතුරකට අනුව පෙරේදා හෙරොයින් සහ අයිස් තොගයක් සමඟ අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම මත්කුඩු තොගය සොයාගෙන තිබේ.

    එහි දී ඉහත ලිපිනයෙහි පිහිටි නිවස හා භුමිය පරික්ෂා කිරිමේදි එම මිදුලේ වලදමා තිබියදි සොයාගත් ප්ලාස්ටික් බහාලුම් තුනක් තුල සුක්ෂමව සගවා තිබූ හෙරොයින් කිලෝ 53, ග්‍රෑම් 65 ක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    නිවසේ පදිංචි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

    මෙහිදී අත්අඩංගුවටගත් බිරිඳ පෙරේදා බොරලැස්ගමුවේදී හෙරෙයින් සහ අයිස් සමඟ අත්අඩංගුවටගත් සැකකරු වන ධම්මික සමන්කුමාරගේ සහෝදරිය බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img