රාත්‍රී ජංගම මුර රාජකාරි සඳහා තමාව යෙදවීම සම්බන්ධයෙන් උරණ වූ මන්නාරම මුරුන්කන් පොලිස් ස්ථානයේ සේවයේ නිරත කොස්තාපල්වරයෙක් ඔහුව රාජකාරි සඳහා යෙදවූ පරිපාලන අංශයේ උප පොලිස් පරීක්ෂකවරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ටී 56 වර්ගයේ අවියක්ද රැගෙන මෙම නිලධාරියා පසුගිය 29 වෙනිදා සවස පොලිස් ස්ථානයේ පරිපාලන අංශ කාර්යාලයට ගොස් උප පොලිස් පරීක්ෂකවරියට බැන වැදී වෙඩි තැබීමට සූදානම් වී ඇති බවත් එහිදී සෙසු නිලධාරීන් එක්ව එම නිලධාරියාව අල්ලා ගැනීම හේතුවෙන් නිලධාරිනියගේ ජීවිතය බේරී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ටී 56 අවිය සමග අත්අඩංගුවටගත් එම්. ජෙගදීපන් නැමැති පොලිස් කොස්තාපල්වරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.