තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් පෝලිම් ඉවරයි

    පාස්පෝට් පෝලිම් ඉවරයි

    මෙරටට ලැබුණු ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය අද(21) සිට බෙදාහැරීම සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    මේ අනුව පාස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් වන බව ඔහු කියා සිටී.

    ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමඟ නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇත.

    එබැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img