තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් තරුණයකු පැහැරගෙන ඇසිඩ් ගසා මග දමා යයි

    පොලිස් වෙසින් තරුණයකු පැහැරගෙන ඇසිඩ් ගසා මග දමා යයි

    පොලිස් වෙසින් ඇහැලියගොඩ පරකඩුවේ පිහිටි නිවසකට කඩාවැදුණු පිරිසක් සිය පුත්‍රයාව ජිප් රථයක දමාගෙන පැහැරගන්නා විට ඔහුව බේරාගැනීමට එම රථයේ එල්ලුණු පියෙකුව ජිප් රථයට යටකර පළාගොස් ඇත.

    මෙම අනතුරින් ජිප් රථයට යටකෙරුණු පියා බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

    මෙම සිදුවීම ඊයේ සවස සිදුව ඇතැයි ඇහැලියගොඩ පොලීසිය සඳහන් කරයි.

    මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ 33 වන වියේ පසුවන තරුණයකි. මෙම තරුණයාව රැගෙන ගිය කණ්ඩායම ඇහැලියගොඩ පනාවල මාර්ගයේදී තරුණයාව ජිප් රථයෙන් බිමට බස්සවා මහ මග දණ ගස්සවා පහරදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර පළාගොස් ඇති බවද පොලීසිය කියයි. තුවාල ලැබූ තරුණයාද මේ වන විට රෝහල්ගතකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

    මෙම සිදුවීමට මුල පැහැරගත් තරුණයාගේ සහෝදරයාගේ බිරිඳ හා පුද්ගලයකු අතර ඇති යම් සම්බන්ධයකට මෙම තරුණයා එරෙහිවීම බවට සැකකරන තොරතුරු පොලීසියට ලැබී තිබේ. සැකයට ලක්ව සිටින පුද්ගලයා ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ ගේ දොර අතහැර ගොස් ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img