තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පිල්ලෙයාන්ගේ ගෝලයින් 3ක් හොර සල්ලි එක්ක මාට්ටු

    පිල්ලෙයාන්ගේ ගෝලයින් 3ක් හොර සල්ලි එක්ක මාට්ටු

    ටී.එම්.වී.පී පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින ශීවනේෂතුරෙයි චන්ද්‍රකාන්තක් නොහොත් පිල්ලෙයාන්ගේ මැතිවරණ ප්‍රචාරක අත්පත්‍රිකා තොගයක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ 5000 නෝට්ටු 10ක්ද පිල්ලෙයාන්ගේ මැතිවරණ ප්‍රචාරක අත්පත්‍රිකා 200ක්ද හමුවී තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා අතර කාති සේනාධිරාජා නැමැති කලුවංචිකුඩි පදිංචිකරුයෙන් වන පිල්ලෙයාන්ගේ සමීපතයෙක්ද සිටී.
    පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් වන ඔහු නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයින් ඕස්ට්‍රෙලියාවට රැගෙන යාමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන ඇප මත සිටින අයෙක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම පුද්ගලයින් තිදෙනා දා මෝටර් රථයක නැගී අත්පත්‍රිකාද බෙදමින් කලවංචිකුඩි සිට අක්කරෙයිපත්තුව බලා ගමන්කරමින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටු බෙදා හැර ඇති බව පොලීසිය කියයි.

    ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔවුන් තිදෙනා මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර පාලමුණේ පොලිස් මාර්ග බාධකය අසල දීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img