fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොදෙව්වන් පළමු තරගය ජයගනී

    කොදෙව්වන් පළමු තරගය ජයගනී

    සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමඟ ඊයේ (13) දඹුල්ලේ පැවැති විස්සයි 20 පළමු තරගයෙන් කඩුලු පහක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තේය. කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක අර්ධ ශතක වාර්තා කළහ.

    ලකුණු 180 ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩකයෝ පන්දුවාර 19 එක් පන්දුවක් තුළ ජයග්‍රාහී ඉලක්කය සපුරාගත්හ. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැන්ඩන් කිං පන්දු තිස්තුනකදී ලකුණු 63ක් ලබාගත් අතර ඔහු සමඟ ඉනිම ආරම්භ කළ ඉවින් ලෙවිස් පන්දු විසි අටකදී ලකුණු 50ක් ලබා ගත්තේය.

    බ්‍රැන්ඩන් කිං තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. තරගයෙන් පසු මාධ්‍ය ඇමතූ නායක චරිත් අසලංක පවර් ප්ලේ අවස්ථාව කලමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා පරාජය අත්විඳින්නට සිදුවූ බව ප්‍රකාශ කළේය.

    තරග තුනකින් සමන්විත තරගාවලියේ මීළඟ තරගය හෙට රාත්‍රී 7ට පැවැත්වෙයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img