fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මැතිවරණ රාජකාරි අස්සේ කොස්තාපල් මංකොල්ල කාලා

    මැතිවරණ රාජකාරි අස්සේ කොස්තාපල් මංකොල්ල කාලා

    ජනාධිපතිවරණයේ මැතිවරණයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී සිදුකල මංකොල්ල කෑමක් සම්බන්ධයෙන් මරදාන පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් සහ ඔහුගේ මිතුරෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 25ක් වන මෙම පොලිස් කොස්තාපල්වරයා ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිට ඇත්තේ කහතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තවය.

    මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරියට යොමුකර තිබියදී සිය ඉහළ නිලධාරීන්ට නොදන්වා සිය මිතුරෙක් සමඟ ඊයේ (22) යතුරු පැදියක නැගී ග්‍රෑන්ඩ්පාස් වෙත පැමිණ ඇති බව පොලීසිය කියයි.

    සිවිල් ඇදුමින් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා සිය මිතුරා සමඟ මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂාකර ඔහු සතුව තිබුණු රුපියල් 80,000ක් වටිනා ජංගම දුරකථනයත් අනතුරුව තවත් පුද්ගලයකු පරීක්ෂාකර එම පුද්ගලයා සතුව තිබුණු මුදල් පසුම්බියත් කොල්ලකා ඇතැයි පොලීසිය කියයි. මුදල් පසුම්බියේ තිබී ඇත්තේ රුපියල් 470ක මුදලක් පමණක් බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img