හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට අනුරාධපුරයේදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළඹේ නිවසකදී ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාඹුගල සමඟ සිටියදී ය.
උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබන්නේ පසුගිය වසරේ සැත්තැම්බර් 18 වෙනිදා රාත්‍රී කාලයේදීය.
එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ උද්දිකගේ අනුදැනුම මත සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බව විමර්ශනවලින් හෙළිවූ තොරතුරු මත සහකාර පොලිස් අධිකාරීවරයාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා පොලිස් දෙපාර්තමේන්තුවට කිසිදු නිල දැනුම්දීමකින් තොරව මෙම විමර්ශනය සිදුවන අතරතුර සිය අඹුදරුවන් සමඟ මලයාසියාව බලාද පිටත්ව ගොස් තිබුණු අතර ඒ කාලය තුළ සිය නීතීඥයන් මගින් අපේක්ෂිත ඇපයක්ද අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
අනුරාධපුර අධිකරණය විසින් එය ප්‍රතිත්ෂේපකරනු ලැබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මෙම සිදුවීමේ සැකකරුවෙක් ලෙසද නම්කරනු ලැබීය.