fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මගුල් ගෙදර යන්න ලස්සන වෙන්න ගිය ගුරුවරියට වූ දේ..

    මගුල් ගෙදර යන්න ලස්සන වෙන්න ගිය ගුරුවරියට වූ දේ..

    spot_img

    විවහා මංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා රූපලාවන්‍ය කටයුතුකර ගැනීමට පැමිණි ගුරුවරියකගේ අත්බෑගයක තිබුණු රුපියල් ලක්ෂ 04කට රන් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් සහ ඇගේ සහෝදරයාව පදවිය පොලීසිය අත්ඩංගුවට ගෙන ඇත.

    මෙම සොරකම ඊයේ (04) උදෑසන සිදුව ඇත්තේ පදවිය 18 කණුව ප්‍රදේශයේ පිහිටි නිවසකදීය.

    අත්අඩංගුවටගත් රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඇගේ සහෝදරයා කැබතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රූපලාවන්‍ය ශිලිපිනිය ඇප මත මුදා හරිමින් ඇගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පදවිය පොලීසිය සඳහන් කළේය.

    ගුරුවරිය රූපලාවන්‍ය කටයුතු කර ගැනීමට රූපලාවන්‍ය ශිල්පිනියගේ නිවසට ගොස් පැය දෙකකට පමණ පසු නිවසින් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී අත්බෑගයේ තිබුණු පවුම් දෙකකට ආසන්න බරැති රන් මාලයත් කරාඹු ජෝඩුවත් සොරාගෙන ඇති බව ඇය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img