fbpx
තවත්
    මුල් පිටුවspecialකුණාටුවක් නිසා ජපානය ලක්ෂය 10ක් ඉවතට

    කුණාටුවක් නිසා ජපානය ලක්ෂය 10ක් ඉවතට

    spot_img

    ‍ජපානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ෂැන්ෂාන් සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල විමත් සමඟ ලක්ෂ දහයකට අධික ජනතාවකට සිය වාසස්ථානවලින් ඉවත් වන ලෙසට ජපාන බලධාරීන් ඉල්ලීම් කර තිබේ.

    පවතින දැඩි කුණාටු තත්ත්වයක් සමඟ දහස් සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්දී වි ඇති බවත් එරට කියුෂු දූපතට දැඩ බලපෑම් සිදුව ඇති බවටද වාර්තාවේ.
    ඇතිව තිබෙන අයහපත් කාලගුණ තත්ත්වත් සමඟ ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් කුණාටුව සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, එය රටේ දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපත වන කියුෂු හි බොහෝ ප්‍රදේශවලට හානිදායක ගංවතුර සහ නායයෑම් ඇතිවීමට ඉඩ පවතින බවටද නිවේදනය කර තිබේ.

    මේ අතර ජපාන බලධාරීන් අනතුරු ඇඟවමින් සඳහන් කර සිටියේ කියුෂුගේ දූපතේ ඔයිටා නගරයට “ජීවිත අවදානම් තත්වයක්” ඇති වීමට හැකියාවක් පවතින බවයි.
    මේ අතර ජපානයේ විශාලතම ගුවන් සමාගම් දෙක වන Japan Airlines සහ All Nippon Airways (ANA) කුණාටුවට තත්ත්වය සමඟ ගුවන් ගමන් 400කට වඩා අවලංගු කර තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img