පේරාදෙණිය සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ සවස ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.
වයස අවුරුදු 23ක් වන විදර්ශන රණසිංහ නැමැති සිසුවා මෙසේ සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
පේරාදෙණිය උඩරඊරියගම පිහිටි ඔහු නවාතැන්ගෙන සිටි බෝඩිමේදී මෙම අපරාධය කරගෙන තිබේ.
තාක්ෂණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය කියයි.
මෙම සිසුවා අවුරුදු 23ක් වයසැති බවත් ඔහු කපුගොඩ ගිරිදර පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කළේය.