මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන 03 වැනිදා ආරම්භ කෙරේ.
නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා පවසන්නේ ලබන 14 වැනිදා දක්වා අදාළ බෙදාහැරීම් කටයුතු සිදු කෙරන බව ය.
නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 08 වැනිදා (ඉරිදා) නම් කරන බවයි.
ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.