fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්“සජිත් -අනුර ජනපති සටනින් ඉවත් වී මේ වේදිකාවට ඇවිත් වාඩිවෙන්න“

    “සජිත් -අනුර ජනපති සටනින් ඉවත් වී මේ වේදිකාවට ඇවිත් වාඩිවෙන්න“

    spot_img

    සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ජනපති සටනින් ඉවත් වී තම වේදිකාව දෙපස වාඩිවි තමාට ජනාධිපති වීමට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “ජනතාව මෙහෙම දුක්වින්ඳ වෙලාවේ සජිත් ප්‍රේමදාස කොහෙද හිටියේ? අනුර කුමාර කොහෙද හිටියේ? ජනතාවගේ දුක තෙරෙනවා නම් ඒ වෙලාවේ ආණ්ඩු බලය අරගෙන කරන්න තිබ්බේ. ආණ්ඩුව අයින් වුණාම විපක්ෂ නායකයාගේ යුතුකමක් තියෙනවා ආණ්ඩුව බාරගන්න. අනික් විපක්ෂයේ යුතුකමක් තියෙනවා ආණ්ඩුව අයින් වුණොත් පළවෙනි විපක්ෂය බාරගන්නේ නැතිනම් දෙවනි විපක්ෂය බාරගන්න.කොහෙද හිටියේ? අද කතා කරනවා ජනතාවගේ දුක ගැන. මම අහන්නේ ගෑස් සිලින්ඩරය 4800 වෙද්දී කොහෙද හිටියේ සජිත්. ගෑස් සිලින්ඩරය 4900 කොහෙද හිටියේ අනුර. අපේ පරණ වමේ භාෂාවෙන් කියනවා නම් ‘මේවට උත්තර දියාපියෝ‘ මේවට උත්තර දෙන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න එපා ඔබතුමත් ඇවිත් මේ වේදිකාවේ දෙපැත්තේ වාඩිවෙන්න. දැන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය 1200කින් අඩුවුණා. ලාෆ්ස් 2170කින් අඩුවුණා. ඉතින් පුදුමද මං ගෑස් සිලින්ඩරය ගන්න එක මගේ ඡන්ද ලකුණ හැටියට. ඊට වඩා සුදුසු එකක් නෑ. අනික් නායකයෝ බැහැ කියලා පැනලා යද්දී මෙතන හිටියේ පුළුවන් කියලා හිතපු අය. මෙතන නිල් කොළ හැම පාටින්ම ඉන්නවා.“

    ඔහු එම ඉල්ලීම කළේ සෙනසුරාදා අනුරාධපුරයේ පැවති පළමු ‘පුළුවන් ශ්‍රී ලංකා’ මැතිවරණ රැලියේදීය.

    රටේ ආර්ථිකය ගොඩනැගුවේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, හර්ෂ ද සිල්වා, සුනිල් හඳුන්නෙත්ති වැනි නායකයින් නොවන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය කතාවේදී ප්‍රකාශ කළේය. 2022 සහ 2023 වසරවල සැලකිය යුතු ආර්ථික ප්‍රගතියක් ඇති වූයේ තම රජය ප්‍රමාණවත් පොහොර සැපයීම නිසා ගොවීන්ට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව ඔහු අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    2 Comments

    1. කන බොන එක ගැනනම් ජීවිතය ඔබ කියන එක හරි.මානසික සුවය නිවහල් බව තමයි මිනිස්සුන්ගේ ප්‍රධානතම අභිලාෂය.

    2. ඔය වයසට ඔච්චර වගකීමක් ගන්න අමාරුයි නේද??? ඒ හින්ද 21 පස්සෙ ගෙදර ගිහින් පාඩුවේ ඉන්න. පුළුවන් එකෙක් මේක කරගනී…

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img