fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට සිදුවන මරණ ගැන ඇඟ කිළිපොලා යන අනාවරණයක්

    මෙරට සිදුවන මරණ ගැන ඇඟ කිළිපොලා යන අනාවරණයක්

    spot_img

    ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 80ි%ක්ම බෝනොවන රෝගවල බලපෑමෙන් සිදුවන බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතා පවසයි.

    බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම ගැටලුවක් බවට පත්ව ඇති බැවින් මෙම තත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශවීය මැදිහත්වීමක් අවශ්‍ය බවත් හෙතෙම කියාසිටී.

    මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් අධ්‍යක්ෂවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

    දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ යෝජනාව අනුමත කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් ඒ සඳහා කමිටුවක් පත්කර ඇත.

    මෙම කමිටුව මාතලේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන්, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි, දිස්ත්‍රික් සමාජ සේවා හා ක්‍රීඩා නිලධාරි ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන හා බහුවිධ සංවිධාන ඇතුලත්ව පත්කරනු ලැබිය.

    ඒ අනුව මෙම කමිටුව විසින් බෝනොවන රෝග වළක්වා ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img