වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
පඩිපාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව තේ සහ රබර් වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350ක් වන අතර ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු ය.
එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
2397-27_S