ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා අද (14) ඇප මුදල් තැන්පත් කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා රාජගිරිය මැතිවරණ කොමිසම වෙත පැමිණි මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.