දහසය හැවිරිදි පාසල් සිසුවියක එම පාසලේම සිසුන් පිරිසක් අතින් සමූහ දූෂණයට ලක්වීී ඇති බව දැනගෙන එය සැඟවීට කටයුතු කළ පාසලේ විදුහල්පතිවරයාත් ගුරුවරියන් දෙදෙනෙක් සහ ගුරුවරයකුත් තණමල්විල පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය.
වසරක පමණ කාලයක සිට මෙම සිසුවිය සිසුන් අතින් දූෂණයට ලක්ව ඇතිිබව පොලිසිය සඳහන් කළේය.
මුලින්ම ඇය පාසල් පෙම්වතා අතින් ඔහුගේ නිවසේදී දූෂණය වී ඇති බව සඳහන්ය. එම සිදුවීම වීඩියෝ ගත කළ සිසුවාගේ මිතුරන් පිරිසක් අනතුරුව ඇයව එම නිවස තුළදීම දූෂණය කර තිබේ. අනතුරුව පාසල් වැසිකිලිය තුළදීත් කැලෑබද ප්‍රදේශවලදීත් මිතුරන්ගේ නිවාස වලදීත් ඇය විටින් විට දූෂණය වී ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව දැරිය පොලිසි ස්ථානයට ගෙන්වා කළ ප්‍රශ්න කිරීමේදී එතෙක් කලක් සඟවාගෙන සිටි මෙම සිදුවීම අනාවරණය වී අැත.
මෙම අපරාධයට සම්බන්ධ සිසුන් දාහක් දෙනෙක් සහ එක් සිසුවෙකුගේ මවක් පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිසුන් දාහතර දෙනකු පරිවාස භාරයට පත්කරමින් සෙසු අය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.