එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද අත්සන් තබා තිබේ.
ඒ අද (12) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළුව ජාතික විධායක සභිකයන් කිහිප දෙනෙකුද සහභාගි වූහ.
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 දින පැවැත්වේ.
නාමයෝජනා පත්‍රයට අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ රටේ අර්බුදවලට මුහුණ දී එය සෞභාග්‍යය කරා ගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බවයි.
“අපේ ජනතාවත් අපේ රටත් මේ අර්බුදයෙන් මුදාගැනීමේ අභියෝගය භාරගැනීමට ජාතික ජන බලවේගය සූදානම්.ඒ නිසා අද අපි තබන මේ අත්සන නියත වශයෙන්ම ජයග්‍රහණයේ අත්සනක් බවට පත්කළ හැකියි.” ඔහු ප්‍රකාශ කළේය.