ඉදිරි ජනාධිපතිවරණයට තරගවැදීම සඳහා අද පස්වරුව වනවිට අපේක්ෂකයන් 17 දෙනකු ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා ද අද ඇප මුදල් තැන්පත් කර තිබේ.
හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත.