fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ප්‍රශ්න විස‍ඳ‍ෙන අලුත් ව්‍යවස්ථාව එයි

    ක්‍රිකට් ප්‍රශ්න විස‍ඳ‍ෙන අලුත් ව්‍යවස්ථාව එයි

    spot_img

    යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා, විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.

    විදේශ කටයුතු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාවේ නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරිණි.

    ඒ අනුව එම කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබ තිබේ.

    එම නව ව්‍යවස්ථාව සම්මත කිරීමට අදාළ කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩලය මෙසේ අනුමැතිය ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img