fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර අයෙත් රටින් ගෙන්වයි

    බිත්තර අයෙත් රටින් ගෙන්වයි

    spot_img

    බිත්තර තොග ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කරන ලදී.

    එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළදී වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස අවශ්‍ය බිත්තර ආනයනයට මෙමගින් පියවර ගැනේ.

    2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.

    ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37/-ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇත.

    බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img