ජා-ඇල පොලීසියේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු හෙරොයින් මිලි ග්‍රෑම් 60ක් සමග ගලේවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
ගලේවෙල පොලීසිය සිදුකළ මෙහෙයුමකදී මෙම නිලධාරියාව මත්ද්‍රව්‍ය සමග කොටුවී ඇත්තේ පසුගිය 26 වෙනිදාය. මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව සඳහන්ය.
ජා-ඇල පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරු දෙදෙනෙක් පසුගිය 19 වෙනිදා ද කඩවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට හසුවී තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකරමින් සිටියදීය.
කඩවත- ගනේමුල්ල පාරේ යම් ස්ථානයක රැදී සිටිමින් මත්ද්‍රව්‍ය භාවිතාකරමින් සිටියදී ඔවුන් දෙදෙනාව හසුවී තිබුණි. ඒ අනුව සතියක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජා-ඇල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.