ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් ලබන සතියේ සිට රුපියල් 130ක මිලකට අලෙවි නොකළහොත් පාන් සඳහා පාලන මිලක් ගෙනඑන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පාන් අලෙවිසලකට රුපියල් ලක්ෂයක් සහ සමාගමක් හෝ ආයතනයක් නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50ක් දක්වා දඩ නියම කිරීමට හැකියාව ඇති බව එම අධිකාරිය කියයි.
ඉකුත් පෙබරවාරි 02 වැනිදා පාන් ගෙඩියක පැවතිය යුතු නියමිත බර ප්‍රමාණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
එහි දැක්වුණේ, පාන් ගෙඩියක අවම බර ග්‍රෑම් 450ක් සහ පාන් බාගයක අවම බර ග්‍රෑම් 225ක් විය යුතු බවය.
ඉකුත් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදන කර තිබුණි.