මුහුණු පොත හරහා දැන හදුනාගත් තරුණියකට විවහා පොරොන්දු දෙමින් රුපියල් ලක්ෂ 11ක මුදලක් ලබාගෙන ඇයව අතහැර දැමූ පොලිස් නිලධාරියෙක් හලාවත විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොස්ලන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
තොඩුවාවේ පදිංචි 22 හැවිරිදි තරුණයක් විසින් පසුගිය ජනවාරිි 31 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.