ඩුබායි සිට මෙරටට රැගෙන ආ මිදිගම රුවන් නැමැති පාතාල අපරාධකරුගෙන් කළ ප්රශ්න කිරිම්වලින් හෙළිවූ තොරතුරු මත මිදිගම ඉඩමක සඟවා තිබී ගිනි අවි දෙකක් ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
හරක් කටාගේ මස්සිනා වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය මැයි 31 වෙනිදාය. ත්රස්ත මර්දනන හා විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන කරනු ලැබූ දීර්ඝ විමර්ශනයේදී හෙළිවූ තොරතුරු මත ගිනි අවි දෙක සොයා ගනු ලබන්නේ ඊයේ සවස මිදිගම ටනමේරා නැමැති ඉඩමේ සඟවා තිබියදී බව පොලීසිය කියයි.
බ්රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ මයික්රෝවර්ගයේ කුඩු පිස්තෝලයක් සොයාගත් ආයුධ අතර වෙතැයි ත්රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.