ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ.
පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නායකත්වයෙන් ඉල්ලා අස්වීම නිසා මෙසේ නායකත්වයට නිරෝෂන් ප්‍රේමරත්න පත්කර ඇත.
සිය පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාකාරිව සිදු කිරීම සඳහා තරුණ නායකත්වයක් අවශ්‍ය බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඒ සඳහා පත් කර ගත් බව එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි මහතා කියා සිටියේ ය.
විශේෂයෙන් සිය පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අසනීප තත්ත්වයෙන් පසුවීම මෙවැනි පත්කිරීමක් කිරීමට ප්‍රධාන හේතුව වූ බවද නියෝජ්‍ය ලේකම්වරයා විශ්වාසය පළ කළේය.