<
p dir=”ltr”>ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 31ට පෙර ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය.
<
p dir=”ltr”>මැතිවරණ කොමිෂන් සභාවේ අද (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතම මේ බව කියා සිටියේය.
<
p dir=”ltr”>ඒ අනුව අදාළ දිනය නියම කිරීමේ හැකියාව හෙට සිට බලාත්මක වන බවද හෙතම පැවසීය.
<
p dir=”ltr”>ඇතමෙක් මෙම දිනය ප්‍රකාශ කිරීමට ආසන්න දිනයන් ගැන ප්‍රචාරය කළ ද් මැතිවරණ කොමිෂන් සභාවට අගෝස්තු 20 වැනිදා දක්වා ඒ සඳහා ඉඩ කඩ ඇති බව හෙතම කියා සිටියේය.
<
p dir=”ltr”>ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනාධිපති පනතට අනුව මෙම දිනයන් තීරණය වන වන බවද ඔහු පැවැසීය.
<
p dir=”ltr”>ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඡන්ද විමසීමේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එළඹෙන 16 සහ 21 වැනි දින සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
<
p dir=”ltr”>නාමයෝජනා භාරගත් දින සිට සති 4-6ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද ඔවුන්ට අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා යම් කාලයක් දිය යුතු බවද සභාපතිවරයා කියා සිටියේය.
<
p dir=”ltr”>