ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා නොහොත් කුරුළු උණ, මේවන විට ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ පෙර නොවූ විරූ ලෙස පැතිර යාමෙන් පසු එරට මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම තත්තවය පාලනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් කුරුළු උණ ගව පාලනයට සම්බන්ධ පුද්ගයින් සිව් දෙනෙකු හට වැලදී ඇති බවටද අනාවරණයවේ.
H5N1 වෛරස් ප්‍රභේදයේ විශේෂයෙන් දරුණු ප්‍රභේදයක් 2020 සිට සතුන් තුළ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර, වාණිජමය කුකුළු මස් වල වෛරසය පැතිරයාමේ වර්ධනයක් මෙන්ම ගෘහස්ථ සතුන් වන සුනඛයින් දක්වාද ආසාදනයන් ඇති කරමින් පවතී සහ ඇල්පකාස් සිට ගෙයි බළලුන් දක්වා අනෙකුත් විශේෂවල වරින් වර ආසාදන ඇති කරයි.
මේ අතර ඕස්ට්‍රේලියාවේ සහ මෙක්සිකෝවේ මිනිසුන් තුළ වෙනස් ප්‍රභේදයක කුරුළු උණ සොයාගෙන ඇති අතර, චීනය සහ කාම්බෝජය ඇතුළු රටවල සතුන් සහ මිනිසුන් යන දෙඅංශයෙන්ම ලොව පුරා විවිධ H5 උප වර්ග වැලදී ඇති බවට හඳුනාගෙන ඇත.
බොහෝ මිනිසුන්ට ආසාධනය වීමේ සිදුවීම් සමඟ සත්ව පාලන කටයුතු වල සෘජු සම්බන්ධාවක් පෙන්නුම් කරන බවටත් එහිදී කුකුළුන්ට හෝ කිරි ගවයන්ට නිරාවරණය වීම මගින් මෙම රෝගය වැලදීම් වාර්තා වේ. නමුත් විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටින්නේ වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් පැතිරෙන ආකාරයෙන් විකෘති විය හැකි ඇතිවිය හැකි බවත් එය වසංගතයක් ඇති කළ හැකි බවටද සැකයක් මතුව ඇති බැවිනි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ අවස්ථාවේදී මිනිසුන්ට වෛරසය වැලදීමට ඇති අවදානම අඩු මට්ටමක පවතින බවයි.