තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඩී.වී.චානක හම්බන්තොටින් ගාල්ලට

    ඩී.වී.චානක හම්බන්තොටින් ගාල්ලට

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල ආසන සංවිධායකවරයා ලෙස පත්වෙමින් ඉදිරි මැතිවරණය මෙහෙයවීමට යන බවට දේශපාලන ආරංචි මාර්ග පැතිරයමින් තිබේ.

    ගාල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරික දියණියක හා විවාහ වී සිටින රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ගාල්ල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයන්ගේ අවශ්‍යතා තවත් පුළුල් ලෙස ඉටුකරදීම අරමුණු කරගනිමින් මෙම තීරණයට එළැඹීමට නියමිත බව සඳහන්ය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් කර නැත.

    හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලන කටයුතු සඳහා ගාල්ලට පැමිණෙනවාද යන්න ගැන විමසීමට දුරකථන ඔස්සේ ඩී.වී චානක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධකර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img