තවත්
    මුල් පිටුවspecialජපානය ආපස්සට ඇද දැමූ ෆ්ලොපි ඩිස්ක්වලට සදහටම සමුදෙයි

    ජපානය ආපස්සට ඇද දැමූ ෆ්ලොපි ඩිස්ක්වලට සදහටම සමුදෙයි

    තාක්ෂණයේ හිනිපෙත්තටම ගොස් සිටියත් ජපානය ලෝකයත් සමඟ වසර ගණනාවක් පසුසින් තැබීමට හේතුවූ රජයේ ප්‍රතිපත්තියක් වූ ෆ්ලොපි ඩිස්ක් භාවිතය අවසන් කිරීමට එරට තීරණය කර ඇති බවට වාර්තා වේ.

    ඒ අනුව මෙතෙක් කාලයක් ජපාන රජය වෙත ලේඛණ ඉදිරිපත් කිරීමට එරට වැසියන් හට ෆ්ලොපි ඩිස්ක් භාවිතා කිරීමට සිදුවිය. ලොව අනෙකුත් රටවල් ෆ්ලෝපි ඩිස්ක් භාවිත අත්හැර වසර ගණනාවක් ගතවුවද ජපානයේ පැවති රජයේ රෙගුලාසි 1000කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් මෙලෙස ෆ්ලොපි ඩිස්ක් භාවිතා කිරීමට සිදුවිය.

    කෙසේ වෙතත් මෙම වසර ගණනාවක් පැරණි නීති වෙනස් කිරීමට හැකියාව ලැබුණු බව ජපාන ඩිජිටල් අමාත්‍ය ටාරෝ කොනෝ පැවසීය.

    ජපානය තුල දැඩි අර්බුදයක්ව පවැති ෆ්ලොපි ඩිස්ක් භාවිතය අවසන් කිරීමට තමන් යුද්ධ කිරීමට සූදානම් බව ඩිජිටල් අමාත්‍යවරයා 2021 වර්ෂයේදී ප්‍රකාශ කළ අතර පසුගියදා සිය අභියෝගය සාර්ථකව අවසන් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “අපි යුද්ධය දිනුවා“ යනුවෙනි.

    මේ අතර ජපාන ඩිජිටල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් ඉදිරියේදී ෆැක්ස් යන්ත්‍ර භාවිතයද අවසන් කිරීමට පියවර ගන්නා බවයි.

    ජපානයේ රාජ්‍ය අයතන තුල තවමත් ඊමේල් භාවිතය වඩා ෆැක්ස් යන්ත්‍ර භාවිතය ඉතාම ඉහල අතර මෙම එරට ඵලදායීතාවයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්ව ඇත.

    1960 දශකයේදී ෆ්ලොපි ඩිස්ක් නිර්මාණය කරන ලද අතර , වඩාත් කාර්යක්ෂම දත්ත ගබඩා විසඳුම් සොයා ගැනීමත් සමඟ 1990 දශකයේදී හතරැස් හැඩැති මෙම උපාංගය භාවිතා කිරීමෙන් ඉවත්වීමට පියවර ගැණිනි.

    කෙසේවෙතත් ජපානයට මෙම ෆ්ලොපිඩිස්ක් භාවිතයෙන් මිදීමට නොහැකි වූ අතර ලොව පුරා අවසන් වරට ෆ්ලොපි ඩිස්ක් නිෂ්පාදනය කළ සමාගම වූ සොනී සමාගමද සිය නිෂ්පාදන කටයුතු 2011 වර්ෂයේදී පූර්ණ වශයෙන් අත්හැර දැමීමට පියවර ගනු ලැබිණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img