තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්විදේශිකයන් ලවා කරවූ ඔන්ලයින් සල්ලි ජාවාරමක් මීගමුවේ (📹📸)

    විදේශිකයන් ලවා කරවූ ඔන්ලයින් සල්ලි ජාවාරමක් මීගමුවේ (📹📸)

    නීතිවිරෝධී ලෙස අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ රහසිගතව සිදුකරමින් පැවැති පිරිමිඩාකාර මූල්‍ය වංචාවක තොරතුරු හෙළි කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ජාවාරම පවත්වාගෙන ගිය මීගමුවේ ස්ථාන දෙකක් වටලා විදේශිකයන් 30දෙනෙකු පමණ අද රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම විදේශිකයන් අතර චීන, පකිස්තාන්, ඉන්දියා, නේපාල, මාලදිවයින, පිලිපීනය ඇතුළු රටවල් ගණනාවක වැසියන් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මීගමුවේ නිවාස දෙකක් කුලියට ගෙන සංවිධානාත්මකව රහසිගතව මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත. පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් ද මෙහි තිබී ඇත.

    අත්අඩංගුවට ගත් විදේශිකයන් මෙරට රැකියාවල නිරතවීම සඳහා යැයි සඳහන් කොට මෙරටට ගෙන්වා ගෙන මෙම ජාවාරම සිදුකර තිබේ.

    මුදල් තැන්පතු ආයෝජන ලෙස භාරගෙන එම තැන්පතුව වෙනුවෙන් ණය මුදල් දෙන බව සඳහන් කරමින් මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මේ වන විටත් එම මෙහෙයුම පවත්වන අතර තවත් මෙවැනිම ස්ථානයක් වැටලීමට සූදානමක් පැවතුනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img