බේරුවල සිට මසුන් මැරීමට ගිය සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයන් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇතැයි බේරුවල ධීවර කාර්යාලයට තොරතුරු වාර්තා වී තිබේ.
මෙරට සිට සැතපුම් 180ක් පමණ දුර මුහුදේ දී මෙම ගැටුම සිදුව ඇතැයි එම තොරතුරුවල සඳහන් වේ. සුමනසිරි ප්‍රනාන්දු නැමැති යාත්‍රාවේ හිමිකරු බේරුවල පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
මෙම ගැටුමෙන් මග්ගොන, මාගල්කන්ද රොක්ලන්ඩ් වත්තේ පදිංචිව සිටි එම්.කේ චන්දන උපුල් මියගොස් ඇතැයි පොලිසියට වාර්තා කර ඇත.
අදාළ මියගිය පුද්ගලයාගේ සිරුර සමඟ යාත්‍රාව මේ වනවිට ගොඩබිමට පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ.
බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.