fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 3කට නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් 3කට නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් 3කට නායයාමේ, විශාල ගල් පෙරලීම්, ගස් කඩාවැටීම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ කොළඹ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 16කට මෙම අවදානම හෙට දක්වා පවතින බවයි.

    පවතින වැසි තත්ත්වය හමුවේ හෙට දිනයේදීත් මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙලස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    නායයාම් අවදානම් අනතුරු අඟවා ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

    කොළඹ දිස්ත්‍රික්කය
    පාදුක්ක

    කළුතර දිස්ත්‍රික්කය
    ඉංගිරිය, මතුගම, පාලින්දනුවර

    රත්නපුර දිස්ත්‍රික්කය
    අයගම, බලංගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, ඕපනායක, ඇලපාත, කලවාන, ඉඹුල්පේ, ඇහැලියගොඩ, කිරිඇල්ල

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.