fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරින්ද වෙරළේ දිය නෑ ඉන්දියානු අඹුසැමි යුවළක් මරුට

    කිරින්ද වෙරළේ දිය නෑ ඉන්දියානු අඹුසැමි යුවළක් මරුට

    කිරින්ද වෙරළ තීරයේ දිය නාමින් සිටි ඉන්දියානු ජාතික අඹුසැමි යුවලක් දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ උදෑසන කාලයේදී බව කිරින්ද පොලීසිට සඳහන් කළේය.

    මෙරට සංචාරයක් සඳහා පැමිණි අමිත් සහරාන් (35) සහ ඔහුගේ බිරිඳ වන නුෆුර් ජංගු (33) මෙසේ මියගොස් ඇත. මෙම යුවල මෙරටට පැමිණ ඇත්තේ සිය පවුලේ සාමාජිකයන් සමගිනි.

    මෙම අඹුසැමි යුවල යාල සිනමන් හෝටලයේ නවාතැන් ගෙන සිටියදී හෝටලය ආසන්න මුහුදු තීරයේ දියනෑමට ගොස් සිට ඇති බව කිරින්ද පොලීසිය සඳහන් කළේය.

    දියේ ගිලෙමින් සිටි මෙම විදේශිකයන් දෙදෙනා වෙරළේ සිටි පිරිස් විසින් බේරාගෙන කිරින්ද රෝහලට ඇතුලත්කර තිබේ. ඒ අතරින් සැමියා මුලින්ම මියගොස් ඇති අතර බිරිද මියගොස් ඇත්තේ වැඩිදුර ප්‍රතිිකාර සඳහා දෙබරවැව රෝ්හලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.